Monday, January 22, 2018

නිවසේ පොරොන්දම් ගැලපීමේ අවසන් පොරොන්දම් කවරේදැයි මෙම ලිපියෙන් විමසා බලමු. 
               10 - දේවතා - ක්ෂේත්‍රඵලය 5 න් ගුණ කර 3 න් බෙදීමෙන්                                             ලබන ශේෂය 
          1 නම් බ්‍රහ්ම  - ශුභයි 
          2 නම් විෂ්ණු - ශුභයි 
          3 නම් ශිව     - අශුභයි 
             135 x 5 = 675 
             675 ፥ 3 = 225 

  • ඉතිරි නැතිව බෙදෙන නිසා අප පිළිතුර ලෙස සළකන්නේ 3 සංඛ්‍යාවයි. 3 ශිව වේ. එය අශුභ වේ. 
                11 - ආයුෂ - ක්ෂේත්‍රඵලය 27 න් ගුණ කර 100 න් බෙදීමෙන්                                       ලබන ශේෂය 50 ට වැඩි නම් ශුභයි. 50 ට අඩු                                           නම් අශුභයි. 
             135 x 27 = 3645 
             3645 ፥ 100 = 36.45 

  • ඒ අනුව ඉතුරු සංඛ්‍යාවා 45 වේ. එය අශුභ ලෙස සැළකේ. 
  • සමස්ත නිවසේ අවසන් ප්‍රථිඵලය වන්නේ 
                   1 අය      - ශුභයි 
                   2 වැය     - මධ්‍යමයි 
                   3 යෝනි  - අශුභයි 
                   4 නැකත - ශුභයි 
                   5 දින      - අශුභයි 
                   6 අංශක  - අශුභයි 
                   7 රාශි     - ශුභයි 
                   8 තිථි      - ශුභයි 
                   9 වංශ     - ශුභයි 
                 10 දේවතා - අශුභයි 
                 11ආයුෂ     - අශුභයි.  

  • පොරොන්දම් 11 න් 6 ක් ශුභ වේ. නමුත් අවශ්‍යම පොරොන්දම වන ආයුෂ පොරොන්දම නොගැලපේ. 
  • එම නිසා මෙය සුදුසු නොවන බව කෙනෙකුට හැඟෙ. 
  • නමුත් එයට විසඳුමක් තිබේ. ඒ පිළිබඳ මීළඟ ලිපියෙන් ඔබට විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වේ. 


          

Saturday, January 20, 2018

නිවසේ ඒකාදශ වර්ගීකරණය ඉතිරි පොරොන්දම් ගැළපීම තව දුරටත් සිදු කරමු. 
           8 - තිථි - කේෂ්ත්‍රඵලය 9 න් ගුණ කර 30 න් බෙදීමෙන් ලබන                                 ශේෂය 
              4, 9, 14,19, 24, 29 නම් සිංහ යෝනිය   - අශුභයි 
              3, 8, 13, 18, 23, 28 නම් ද්වජ යෝනිය  - අශුභයි 
              2, 7, 12, 17, 22, 27 නම් ගජ යෝනිය    - අශුභයි 
              1, 6, 11, 16, 21, 26 නම් වෘෂභ යෝනිය - අශුභයි  
       135 x 9 = 1215
       1215 ፥ 30 = 40.5 

  • ශේෂය ඉතිරු වූ දශම 5 වේ. එය මේ අංකවල නැත. එම නිසා ශුභ වේ. 
  • පෙර දැක්වූ ලිපිවල යෝනිය ධුමු යෝනිය බව සොයාගෙන ඇත. එම නිසා ගැටලුවක් නැත.  
                   9 - වංශ - කේෂ්ත්‍රඵලය 3 න් ගුණ කර 4 න් බෙදීමෙන් ලබන                                    ශේෂය 
                 1 නම් බ්‍රාහ්මණ - ශුභයි 
                 2 නම් ක්ෂත්‍රිය -   ශුභයි 
                 3 නම් වයිශ්‍ය -    ශුභයි 
                 4 නම් ශුද්‍ර -         අශුභයි 
         135 x 3 = 405 
         405 ፥ 4 = 101.25 
  • ඉතිරි වන්නේ 2 යි. එනම් ක්ෂත්‍රිය වංශය යි. එය ශුභ වේ. 
                 ඉතුරු පොරොන්දම් පිළිබඳ මීළඟ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.

Thursday, January 18, 2018

සෙනෙහසේ නිවහන

         නිවසේ ඒකාදශ වර්ගීකරණයේ පොරොන්දම් 6 සහ 7 පිළිබඳ පහත දැක්වේ. 
             6 - අංශක - ක්ෂේත්‍රඵලය 4 න් ගුණ කර 9 න් බෙදීමෙන්                                 ලැබෙන ශේෂය 
                                 1 නම් අර්ථ       - ශුභයි 
                                 2 නම් අර්ථහීන - අශුභයි 
                                 3 නම් බල        - ශුභයි 
                                 4 නම් දුර්බල    - අශුභයි 
                                 5 නම් භූත        - ශුභයි 
                                 6 නම් ධාන්‍ය    - ශුභයි 
                                 7 නම් තස්කර්  - අශුභයි 
                                 8 නම් නෘපති   - ශුභයි 
                                 9 නම් ප්‍රේත     - අශුභයි 
                135 x 4 = 540 
                540 ፥ 9 = 60 

  • ඉතිරි නැතිව බෙදුණු නිසා පිළිතුරු 0 වේ. 0 යනු ප්‍රේත අංශකය යි. එම නිසා මෙය අශුභ වේ. 
              7 - රාශි -  ක්ෂේත්‍රඵලය 4 න් ගුණ කර 9 න් බෙදීමෙන්                                 ලැබෙන ශේෂය 
                                 1 නම් මේෂ     - අශුභයි 
                                 2 නම් වෘෂභ    - ශුභයි 
                                 3 නම් මිථුන    - ශුභයි 
                                 4 නම් කටක   - අශුභයි 
                                 5 නම් සිංහ      - ශුභයි 
                                 6 නම් කන්‍යා   - අශුභයි 
                                 7 නම් තුලා      - අශුභයි 
                                 8 නම් වෘශ්චික - අශුභයි 
                                 9 නම් ධනු       - ශුභයි 
                                10 නම් මකර    - අශුභයි 
                                11 නම් කුම්භ    - ශුභයි 
                                12 නම් මීන      - අශුභයි 
              135 x 5 = 675 
              675 ፥ 12 = 56.25 

  • මෙහි ඉතිරි වී ඇත්තේ 2.5 යි. ඉන් අප ගණන් බලනුයේ 2 කෙරෙහිය. 2 වෘෂභ රාශිය යි. එය ශුභ වේ. ඒ අනුව මෙම පොරොන්දම ගැළපේ. 
  • එසේම, 
                  කුම්භ - මීන සිංහ යෝනිය සමග සතුරු ය. 
                  වෘශ්චික - ධනු ද්වජ යෝනිය සමග සතුරු වේ. 
                  සිංහ - කන්‍යා ගජ යෝනිය සමග සතුරු වේ. 
                  වෘෂභ - මිථුන ගව යෝනිය සමග සතුරු වේ. 

  • ඒ අනුව මෙහිදී ලැබෙනුයේ වෘෂභ රාශිය නිසාත් මින් පෙර යෝනි පොරොන්දමේ ලැබුනේ ධුමු යෝනිය බැවින්ද මෙම පොරොන්දම ගැළපේ. 
                        ඉතිරි පොරොන්දම් පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

                                  

Wednesday, January 17, 2018

නිවාස පොරොන්දම් පරීක්ෂාව තව දුරටත්

           මින් පෙර ලිපියේ ඔබ වෙත ගෙන ආවේ නිවාස වර්ගීකරණය එකොළොස් පොරොන්දම්වලින් පොරොන්දම් 04 කි. මෙම ලිපියෙන් පස් වන පොරොන්දම පිළිබඳ විස්තර වේ. 
       5. දින - ක්ෂේත්‍රඵලය 9 න් ගුණ කර 7 න් බෙදීමෙන් ලැබෙන                                ශේෂය 
                               1 නම් චන්ද්‍ර - ශුභයි 
                               2 නම් බුධ    - ශුභයි 
                               3 නම් සිකුරු - ශුභයි 
                               4 නම් රවී     - අශුභයි 
                               5 නම් කුජ    - අශුභයි 
                               6 නම් ගුරු    - ශුභයි 
                               0 නම් සෙනසුරු - අශුභයි   
                     135 x 9 = 1215
                     1215 ፥ 7 = 173.57 

  • ඉතිරි සංඛ්‍යාවා 5 වේ. 5 යනු කුජ වේ. කුජ අශුභය. ඒ අනුව මෙම පොරොන්දම නොගැළපේ. 
  • එසේම, 
                  බුධ සමග සිංහ යෝනිය සතුරු වේ. 
                  කුජ සමග ගජ යෝනිය සතුරු වේ. 
                  රවී සමග වෘෂභ යෝනිය සතුරු වේ. 
                  රවී සමග ද්වජ යෝනිය සතුරු වේ. 
(යෝනි පිළිබඳ පෙර ලිපියේ සඳහන් කර ඇත. ) 

  • මේවා එකට නොයෙදේ නම් එම ක්ෂේත්‍රඵලය වෙනස් වන සේ ගොඩනැගිලි සැළැස්ම පිළියෙළ කරන්න.   
  • පෙර ලිපියේ සඳහන් කළ පරිදි අප යොදාගත් ක්ෂේත්‍රඵලයේ යෝනිය මුධු වේ. එම නිසා එය මෙහිදී අදාළ නොවේ. 
              ඉතිරි පොරොන්දම් පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

Tuesday, January 16, 2018

නිවාස පොරොන්දම් පරීක්ෂාව

පෙර ලිපියේ සඳහන් කළ පොරොන්දම් 11 පිළිබඳ සලකා බලමු. එහි ක්ෂේත්‍රඵලය 135 ක් ලෙස දක්වා ඇත. 

  1. අය - ක්ෂේත්‍රඵලය 8 න් ගුණ කර 12 න් බෙදීමෙන් ලබන ශේෂය අය වේ. එය 6 ට වැඩි නම් ශුභයි. 6 ට අඩු නම් අශුභයි. 
              135 x 8    = 1080 
              1080 ፥12  = 90 
  • පිළිතුර ඉතිරි නැතිව බෙදුණු නිසා අය 12 ක් වේ. 6 ට වැඩිය. ශුභ වේ.  
    2. වැය - ක්ෂේත්‍රඵලය 9 න් ගුණ කර 10 න් බෙදීමෙන් ලබන ශේෂය            වැය වේ. එය 5 වූයේ නම් මධ්‍යම වේ. 5 ට වැඩි නම් අශුභයි. 5 ට              අඩු  නම් ශුභයි. 
              135 x 9 = 1215 
              1215 ፥ 10 = 121.5
  • දශම 5 ක් ඉතුරු වී ඇත. එනම් මධ්‍යම වේ. වැය 5 කි. 
    3. යෝනි - ක්ෂේත්‍රඵලය 3 න් ගුණ කර 8 න් බෙදීමෙන් ලබන ශේෂය 
                  1 නම් ද්වජ යෝනිය      - ශුභයි 
                  2 නම් කොටළු යෝනිය - අශුභයි  
                  3 නම් සිංහ යෝනිය      - ශුභයි
                  4 නම් සුනඛ යෝනිය    - අශුභයි 
                  5 නම් වෘෂභ යෝනිය    - ශුභයි
                  6 නම් ධුමු යෝනිය       - අශුභයි 
                  7 නම් ගජ යෝනිය       - ශුභයි
                  8 නම් කාක යෝනිය    - අශුභයි 
             135 x 3 = 405 
                   405 ፥ 8 = 50.625 
  • පිළිතුර ලෙස ඉතිරි වූ දශම සංඛ්‍යාවලින් 6 ගනී. 6 ධුමු යෝනිය වේ. එය අශුභ වේ. 
     4. නැකත - ක්ෂේත්‍රඵලය 8 න් ගුණ කර 27 න් බෙදීමෙන් ලබන                                  ශේෂය 
                  1 නම් පුෂ නැකත         - අශුභයි 

                  2 නම් විසා නැකත        - ශුභයි  
                  3 නම් සියාවස නැකත   - අශුභයි
                  4 නම් මුවසිරස නැකත  - අශුභයි 
                  5 නම් හත නැකත         - නිවාස සඳහා යොදාගන්නේ නැත
                  6 නම් උත්‍රසල නැකත   - අශුභයි 
                  7 නම් බෙරණ නැකත   - ශුභයි
                  8 නම් මා නැකත          - අශුභයි 
                  9 නම් දෙට නැකත       - ශුභයි 


                10 නම් උත්‍රපුටුප නැකත - අශුභයි  
                11 නම් පුනාවාස නැකත - ශුභයි
                12 නම් සා නැකත          - අශුභයි 
                13 නම් දෙනට නැකත    - අශුභයි
                14 නම් රෙහෙනය  නැකත - ශුභයි 
                15 නම් උත්‍රපල්  නැකත     - අශුභයි
                16 නම් පුවසල නැකත       - ශුභයි 
                17 නම් අස්විද නැකත        - අශුභයි 
                18 නම් අස්ලිස නැකත       - ශුභයි
                19 නම් අනුර නැකත          - අශුභයි 
                20 නම් පුවපුටුප නැකත      - ශුභයි 
                21 නම් අද නැකත              - අශුභයි
                22 නම් සිත නැකත            - අශුභයි 
                23 නම් සුවන නැකත         - ශුභයි 
                24 නම් කැති නැකත          - අශුභයි
                25 නම් පුවපල් නැකත       - ශුභයි
                26 නම් මුල නැකත            - අශුභයි 
                27 නම් රේවතී නැකත       - ශුභයි 

                    135 x 8 = 1080
                    1080 ፥ 27 = 40 
  • පිළිතුර ඉතිරි නැතිව බෙදෙන නිසා 27 වන නැකත වන රේවතී නැකත සුදුසු වේ. 
  • මෙම පිළිතුර යෝනි සමග ගැලපිය යුතුය. 
දෙනට, පුවපුටුප, උත්‍රපුටුප, සියාවාස - සිංහ යෝනිය සමග සතුරු බැවින්                                                           එකට නොයෙදේ. 

අනුර, දෙට, මුල, පුවසල - ද්වජ යෝනිය සමග සතුරු බැවින් එකට                                                  නොයෙදේ. 

මා, පුවපල්, උත්‍රපල්, හත - ගජ යෝනිය සමග සතුරු බැවින් එකට                                                    නොයෙදේ. 

කැති, රෙහෙන, මුවසිරස, අද - වෘෂභ යෝනිය සමග සතුරු බැවින් එකට                                                නොයෙදේ. 
  • රේවතී නැකත මෙම කිසිඳු එකකට වුව ද අදාළ නොවන නිසා එය ශුභ වේ. 
                 මීළඟ මිණි ඔවදනින් ඉතිරි පොරොන්දම් පිළිබඳ ගෙන ඒමට බලාපොරොත්තු වේ. 

Monday, January 15, 2018

නිවසේ අය වැය බලමු...


  • ගොඩනැගිලි සැළැස්මක් ඉදි කිරීමේදී ඒකාදශ වර්ගීකරණය හෙවත් එකොළොස් පොරොන්දම් අනුව සැකසිය යුතු ය. එය නිවසේ ඵල දීමට හේතු වේ. 
                       1. අය  2. වැය  3. යෝනි  4. නැකත  5. දින  6. අංශක 
                       7. රාශි    8. තිථි    9. වංශ     10. දේවතා     11. ආයුෂ 


  • මින් ප්‍රධාන වන්නේ අය, වැය හා ආයුෂ යන පොරොන්දම් 03 වේ. මෙම පොරොන්දම් 03 ගැළපේ නම් නිවස ඉදි කිරීමට යෝග්‍ය වේ. 
  • නිවසේ දිග හා පළල වඩු රියන් ක්‍රමයට වැඩි කිරීමෙන් ලැබෙන ක්ෂේත්‍රඵල ගණිතමය වශයෙන් බෙදා දැක්වීමෙන් ලැබෙන ශේෂය අනුව පොරොන්දම් පරීක්ෂා කළ යුතු ය. 
වඩු රියන් ක්‍රමයට ක්ෂේත්‍රඵල ලබා ගන්නා ආකාරය 

  • ගොඩනැගිල්ලේ දිග වන 38' 9"   12 න් ගුණ කර ලැබෙන පිළිතුර 31 න් බෙදන්න. 
                        38' 9" x 12 = 466.8
                        466.8 ፥ 31 = 15.06 
        ලැබෙන පිළිතුර 15 වේ.  
  • ගොඩනැගිල්ලේ පළල වන 23' 3"  12 න් ගුණ කර ලැබෙන පිළිතුර 31 න් බෙදන්න. 
                       23' 3" x 12 = 279.6
                       279.6 ፥ 31 = 9.02 
         ලැබෙන පිළිතුර 9 වේ. 
  • 12 න් ගුණ කළේ 12 හි වටිනාකම අඩියක් වන නිසා ය. 
  • 31 න් බෙදන ලද්දේ වඩු රියනක අගය අඟල් 31 ක් වන නිසා ය. 
  • ගොඩනැගිල්ලේ ක්ෂේත්‍රඵලය ඉහත පිළිතුරු 02 ගුණ කිරීමෙන් ලබා ගත හැකි ය. 
                      15 x 9 = 135
  •  ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ  ක්ෂේත්‍රඵලය 135 වේ. 
                  මීළඟ මිණි ඔවදනින් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ 
පොරොන්දම් එකොළහේ  ශේෂය කෙබඳුද යන්න වේ. 

Sunday, January 14, 2018

නිවස පාද බෙදීම

පෙර ලිපියේ සඳහන් කළ පරිදි අප නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ දිග 38' 9" ක් හා පළල 23' 3" ක ප්‍රමාණයේ නිවසකි. 

  •  එහි දිග පළල දැක්වෙන කොටුවක් නිර්මාණය කරගන්න. 
  • නිවස පාද බෙදීමේදී පාද 05 ක් ඇත. 
                   1. නන්ද්‍රා පාදය - ශුභයි 
                   2. භද්‍රා පාදය     - අශුභයි 
                   3. ජයා පාදය    -  ශුභයි 
                   4. රික්තා පාදය - අශුභයි 
                   5. පුර්ණා පාදය - ශුභයි 
  • ශුභ පාද 03 පිහිටන අන්තරයෙහි උළුවහු තැබීම, අත්තිකාරම් දැමීම කළ යුතුය. 
  • අශුභ පාද 03 පිහිටන අන්තරයෙහි කිසිවක් නොකළ යුතු ය. 
  • නිවසේ දිග පළල 15 න් සමානව බෙදන්න. 15 න් බෙදුණු එක් කොටසක අන්තරය එක් පාදයක් ලෙස ගැනේ. 
                  1 - නන්ද්‍රා  2 - භද්‍රා  3 - ජයා  4 - රික්තා  5 - පුර්ණා 
            6 - නන්ද්‍රා  7 - භද්‍රා  8 - ජයා  9 - රික්තා  10 - පුර්ණා 
           11 - නන්ද්‍රා  12 - භද්‍රා  13 - ජයා  14 - රික්තා  15 - පුර්ණා 

  • පහත දක්වා ඇත්තේ ඉහත සඳන් කළ කරුණු රූප සටහනක් ආකාරයෙනි. එහි සුදු පැහැයෙන් දැක්වෙන්නේ ශුභ පාද වේ. 


Friday, January 12, 2018

ගෙබිම සැළැස්ම නිර්මාණය කිරීමේ පළමු පියවර ....


දිග අඩි 80 ක් හා පළල අඩි 50 ක් වන ඉඩමක නිවසක් ඉදි කිරීම නිදසුන් ලෙස ගනිමු. 

  1. ඉඩමේ උතුරු දිශාව මාලිමා යන්ත්‍රය මගින් සොයාගන්න. 
  2. ඉඩමේ පිටු පසේ වැට මායිමේ සිට අඩි 7 අඟල් 6 ක් අත් හරින්න.
  3. ඉඩමේ ඉදිරි පස පාරේ සිට අඩි 18 ක් අත් හරින්න.
  4. ඉඩමේ දෙපැත්තෙන් එක් පැත්තක අඩි 7 අඟල්  6ක් අත් හරින්න.
  5. ඒ සමග ප්‍රේත පාදය මඳක් හෝ සම්පුර්ණයෙන්ම අසු වී ඇත්නම් අත් හරින්න. 
  6. ඉඩමේ බ්‍රහ්ම පාදය තිබෙන ස්ථානය සලකුණු කරගන්න. 
  7. ඉතිරි වූ බිම් කොටස මැනගන්න. නිදසුනට අනුව එහි දිග අඩි 57 අඟල් 2 කි. පළල අඩි 24 අඟල් 6 කි. 
  8. ඒ කොටස තුල සැළැස්ම නිර්මාණය කළ යුතු ය. 
  9. ඒ අනුව නිර්මාණය කිරීමට සිදු වන්නේ දිග අඩි 38 අඟල් 9 ක හා පළල අඩි 23 අඟල් 3 ක වැනි ප්‍රමාණයේ නිවසකි. 
  10. පහත රූපයේ දැක්වෙන රතු පැහැති කොටුව තුල ඒ අනුව නිවස ඉදි කළ යුතු ය. 
Add caption

 

Tuesday, January 9, 2018

සෙනෙහසේ නිවහන: ඔබේ සෙනෙහසේ නිවහන ඔබම සැළසුම් කරන්න

සෙනෙහසේ නිවහන: ඔබේ සෙනෙහසේ නිවහන ඔබම සැළසුම් කරන්න:                           නිවසක් ඉදි කිරීමට ප්‍රථම එහි භුමිය පිළිබඳව සැළකිලිමත් වීම මෙතෙක් දුරට ඔබ වෙත හඳුන්වා දී ඇත. දැන් ගෘහය නිර්මාණය කි...

ඔබේ සෙනෙහසේ නිවහන ඔබම සැළසුම් කරන්න

                         නිවසක් ඉදි කිරීමට ප්‍රථම එහි භුමිය පිළිබඳව සැළකිලිමත් වීම මෙතෙක් දුරට ඔබ වෙත හඳුන්වා දී ඇත. දැන් ගෘහය නිර්මාණය කිරීමට ඔබට හැකි ය. එහි කාමර නිර්මාණය කිරීම පිළිබඳව දැන් අවධානය යොමු කරමු. එය දිශා අනුව වෙන් කර ගත හැකි ය. 

  1. උතුරු දිශාව - ගබඩා කාමරය, නිදන කාමර 
  2. නැගෙනහිර දිශාව - නාන කාමරය 
  3. ගිනිකොණ දිශාව - මුළුතැන්ගෙය 
  4. දකුණු දිශාව - නිදන කාමර 
  5. බටහිර දිශාව - කෑම කාමරය, ශාස්ත්‍රීය කටයුතු කාමරය  
  6. ඊසාන දිශාව - ආගමික ස්ථානය 
  7. වයඹ දිශාව - ධාන්‍ය  ගබඩාව 
  8. නිරිත දිශාව - වැසිකිලි කැසිකිළි සහ ආයුධ ගබඩාව 

සෙනෙහසේ නිවහන: ගේට්ටුව ඉදි කිරීමේදී මේ ගැනත් සැලකිළිමත් වෙන්න

සෙනෙහසේ නිවහන: ගේට්ටුව ඉදි කිරීමේදී මේ ගැනත් සැලකිළිමත් වෙන්න:               ගේට්ටුව සැදීමේදී එය  නිවසේ බිත්ති මුළු ආදියට එල්ල නොවිය යුතු ය.  වහලයේ කොන් සහ මුදුන් යට ලීයට එල්ල නොවිය යුතු ය.  ප්‍රධාන...

ගේට්ටුව ඉදි කිරීමේදී මේ ගැනත් සැලකිළිමත් වෙන්න

              ගේට්ටුව සැදීමේදී එය 

  1. නිවසේ බිත්ති මුළු ආදියට එල්ල නොවිය යුතු ය. 
  2. වහලයේ කොන් සහ මුදුන් යට ලීයට එල්ල නොවිය යුතු ය. 
  3. ප්‍රධාන දොරට මෙන්ම දොර ජනෙල් ආදියට එල්ල නොවිය යුතු ය. 
  4. භුමියේ ඇති ළිඳට, පොකුණට එල්ල නොවිය යුතු ය. 
  5. ගේට්ටුවේ උස ඉරට්ටේ ගණනක් විය යුතු අතර පළල ඔත්තේ ගණනක් විය යුතු ය. 

                සාමාන්‍යයෙන් ගේට්ටුවක් අඩි 12 ක් පමණ දිග විය යුතු ය. ඔබේ නිවාස සාදා ඇති භුමි ප්‍රමාණය කුඩා නම් පාද බෙදීම අනුව ශුභ පාදයේ ඉඩ ප්‍රමාණය මුල් කරගෙන ගේට්ටුව සවි කළ හැකි ය. ගේට්ටුවේ ඉතිරි කොටස අශුභ පාදයකට අසු වුවහොත් මුල් කොටස ශුභ පාදයේ බැවින් දෝෂ ඇති නොවේ. (පාද බෙදන ආකාරය මින් පෙර ලිපියේ සඳහන් කර ඇත). 


Monday, January 8, 2018

සොඳුරු බිමට පිවිසීමට ගේට්ටුවක් ඉදි කරමු

               ගේට්ටුව තැබීමට මායිම් වැටේ ස්ථානයක් තෝරා ගන්නේ ග්‍රහයන් අනුව මායිම් වැට පාද බෙදීමෙනි.
          1. ගේට්ටුව ඉදි කරන මායිම් වැටේ දිග සමාන කොටස් 09 ට                        බෙදා  ගන්න. 
          2. නිවසට පිටු පා මායිම් වැටේ වම් පැත්තේ සිට  පාද බෙදා                          ගන්න. 
          3. එවිට පහත දැක්වෙන අයුරින් කොටස් 09 ක් ඇත. 
                     1. රවීගේ පාදය - සෞඛ්‍යට බාධා 
                                               ඥාති විරෝධතා
                                               කළ කිරීම්
                                               ධන හානි
                                               පවුලේ ගැටුම්

                      2. සඳුගේ පාදය - ධන ලාභ
                                                සමාජ පිළිගැනීම්
                                                සතුට
                      
                     3. කුජගේ පාදය - හදිසි අනතුරු
                                                ධන හානි
                                                බලාපොරොත්තු නොවූ කරදර
                                                මෙහෙකරුවන්ගේ කරදර
                                                අමනුෂ්‍ය භය

                      4. බුධගේ පාදය - නීතිමය ගැටළු
                                                 සියලු කටයුතු ආදියෙහි අලාභ හානි
                                                 අන් අයගේ අප්‍රසාදය

                      5. ගුරුගේ පාදය - ජනප්‍රිය භාවය
                                                 නිවසේ සාමය සතුට
                                                 නිවසට එන යන අයට ප්‍රිය ස්ථානයක්                                                     වීම. 

                       6. සිකුරුගේ පාදය - ඥාති ප්‍රසාදය
                                                     ධන මාර්ග ලැබීම
                                                     සතුට ඇති වීම
                                                     ඉඩ කඩම් මිලදී ගැනීම
                                                     වාසනාව

                       7. ශනිගේ පාදය - නිතර ඇවිස්සුනු ස්වභාවයක් ඇති වීම
                                                  දොම්නස් බව
                                                  සෞඛ්‍යයට පීඩා
                                                  රජයෙන් නීතියෙන් පීඩා

                       8.රාහු පාදය හා 9. කේතු පාදය - පිරිහීම 
                                                                       අපහාස 

                 ඉහත සඳහන් කළ ආකාරයට ගුරු, සිකුරු පාදවල ගේට්ටුව ඉදි කිරීම ඉතාම ශුභ බව ද සඳු පාදයේ ඉදි කිරීම මධ්‍යම බවද රවී, කුජ, බුධ, ශනි, රාහු, කේතු පාදවල ගේට්ටුව ඉදි කිරීම අශුභ බව ද පැහැදිලි වේ. 

                 මීළඟට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ගේට්ටුව ඉදි කිරීමේදී සැලකිළිමත් විය යුතු කරුණු පිලිබඳවය.                        
                                                                   

           

Sunday, January 7, 2018

නිවාස භුමියේ ශුභ අශුභ

1. ප්‍රේත පාදය - ඉඩමේ අපිරිසිදු කොටසයි. ඒ තුල ගවමඩු, වැසිකිළි,            කැසිකිළි ආදිය ඉදි කරයි. මෙම කොටස තුල අත්තිවාරම් දැමීම සුදුසු        නැත. නාගරික සැලසුම්කරණයෙදී ද උපදෙස් දී ඇත්තේ නිවාස ඉදි          කිරීමේදී වැට මායිමේ සිට අඩි 7 1/2 ක් අත්හැරීමටය. ගෙවල් 02 ක්          වැට   මායිමට ලං වූ කළ නියමිත ආලෝකය, වාතාශ්‍රය නිසි පරිදි              නොලැබී   යාම ඊට හේතුවයි.  

2. මනුෂ්‍ය පාදය - මනුෂ්‍ය වාසයට ඉතා යෝග්‍ය කොටසයි. දේව පාදයත්      මනුෂ්‍ය පාදයත් එක්ව ගෙන අත්තිවාරම් දැමීම කළ හැකිය.

3. දේව පාදය - උසස් ආර්ථිකත්වයක් ගෙන දෙන නිවසේ ශ්‍රියාව වඩවන      පිහිටීමකි. ධාර්මිකව ජීවත් වන අයට මෙම කොටසේ අත්තිවාරම්              දැමීමෙන් දියුණුව ගෙන දේ. සත්ත්ව පාලනය, සත්ත්ව ව්‍යාපාර ආදිය      කරන නිවාසවල දේව පාදයේ අත්තිවාරම් දැමීම සුදුසු නොවේ. 

4. බ්‍රහ්ම පාදය - සම්පුරණයෙන්ම නිවස බ්‍රහ්ම පාදය තුල ඉදි කළ හොත්        විනාශ  ඇති වේ. ඵල නොදෙයි. මනුෂ්‍ය වාසයට සුදුසු නොවේ.                වැසිකිලිය හෝ වෙනත් මුළුතැන් ගෙයක් මේ කොටස සඳහා අයත්          වන්නේ නම්  එය මග හරවා නිවාස ඉදි කළ යුතු ය. මෙම කොටස තුල      ළිං සැදුවොත් පාලු වේ. බ්‍රහ්ම පාදයේ සොහොන් කොතක්, භූමදාන          කටයුතු නොකළ යුතු ය. මෙය නිවසේ පූජනීය ස්ථානය ලෙස                  සැලකේ. නිවසේ ඵල විපාක ගෙන දෙන කොටසයි. 

                   මේ අයුරින් ඉඩමේ සතර දිසාව දැනගෙන ඉන් බටහිරත් දකුණත් අතර වූ කොටස නිවාස තැනීමට ඉතා සුදුසු කොටස වේ. දකුණත් නැගෙනහිරත් අතර කොටස සම ඵල ලෙස ද උතුරත් නැගෙනහිරත් අතර කොටස නිවස තැනීමටද සුදුසු නොවේ. 

                         ඉහතින් සඳහන් කළ ආකාරයට ඔබට ඔබගේ නිවසේ පිහිටීම් තීරණය කළ හැකි ය. මීළඟට අප ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ භූමියට ඇතුල් වන දොරටුව පිහිටිය යුතු ස්ථානය පිළිබඳව ය. 

Saturday, January 6, 2018

සෙනෙහසේ නිවහන

සෙනෙහසේ නිවහනට සොදුරු බිමක්....

           නිවසක් තැනීමට පෙර නිවස ඉදි කරන භූමිය පිළිබද ඔබ දැන ගත යුත්තේ මොනවා ද?.
            1. ඉඩමේ දිග සහ පළල සමාන කොටස් 07 ට බෙදිය යුතුය. 
            2. පහත රූපය පරිදි ඉඩම කොටස් 04 ට  වෙන් කළ හැකි ය. 
                        

                         
                            1 - ප්‍රේත පාදය
                            2 - මනුෂ්‍ය පාදය
                            3 - දේව පාදය
                            4 - බ්‍රහ්ම පාදය 

              3. රූපයේ දැක්වෙන ලෙස ඉඩමෙහි මධ්‍ය ලක්‍ෂය නිල් පැහැති                      කුඩා වෘතයකින් පෙන්වා ඇත. එය ගිනි කතිරය ලෙස                              හඳුන්වයි. 
                        
                                ඉහතින් දක්වා ඇත්තේ ඉඩමක් හඳුනා ගන්නා ආකාරයයි. එහි හොඳ නරක පිළිබඳ විග්‍රහය මීළඟ මිණි ඔවදනින් ගෙන ඒමට බලාපොරොත්තු වේ. 

Friday, January 5, 2018

සෙනෙහසේ නිවහන

පෙරවදන

                        අැල්මෙන් අකුරට අකුරු අැහිදගෙන බලාපොරොත්තුවේ හිනිපෙත්තට නැග ජීවිතයේ උස බලන මිනිසාගේ අපූර්වතම සිහිනයකි බලාපෙරොත්තුවකි නිවහන. තමන්ටම නිවසක් සෑදීමට තමන්ගේම නිවසක හිමිකරුෙවකු වීමට කවුරුන් නම් අකමැති වෙයිද?. උදෑසන අවදි වූ තැන් පටන් රෑ නින්දට යන තෙක් සියලු කාර්යයන් මදකට නවතා තමන්ගේම වහලක් යට සෙනෙහෙ සිතින් සැනසිල්ලේ තම සමීපතමයන් සමග නෙතු පියන් වසා ගැනීමට සිත් සේ ඉඩ හසර වෙන් වන්නේ තමන්ගේම නිවසක පමණි. ඒකී නිවසක් ජීවිතයටම මිනිසුන් පරිපූර්ණව තනන්නේ ඒක් වතාවකි. අැතැම් විට ඒය පරම්පරා ගණනකට සෙවන ලබා දෙන්නක් විය හැකි ය. ඒම නිසා ජීවිතයේ ඒක් වරක් පමණක් කැප කරන ඒම කාර්යය නිවැරදිව සිදු කිරීමට මෙම උපදෙස් ඔබටත් අනුගමනය කිරීමට හැකි ය.