Sunday, January 7, 2018

නිවාස භුමියේ ශුභ අශුභ

1. ප්‍රේත පාදය - ඉඩමේ අපිරිසිදු කොටසයි. ඒ තුල ගවමඩු, වැසිකිළි,            කැසිකිළි ආදිය ඉදි කරයි. මෙම කොටස තුල අත්තිවාරම් දැමීම සුදුසු        නැත. නාගරික සැලසුම්කරණයෙදී ද උපදෙස් දී ඇත්තේ නිවාස ඉදි          කිරීමේදී වැට මායිමේ සිට අඩි 7 1/2 ක් අත්හැරීමටය. ගෙවල් 02 ක්          වැට   මායිමට ලං වූ කළ නියමිත ආලෝකය, වාතාශ්‍රය නිසි පරිදි              නොලැබී   යාම ඊට හේතුවයි.  

2. මනුෂ්‍ය පාදය - මනුෂ්‍ය වාසයට ඉතා යෝග්‍ය කොටසයි. දේව පාදයත්      මනුෂ්‍ය පාදයත් එක්ව ගෙන අත්තිවාරම් දැමීම කළ හැකිය.

3. දේව පාදය - උසස් ආර්ථිකත්වයක් ගෙන දෙන නිවසේ ශ්‍රියාව වඩවන      පිහිටීමකි. ධාර්මිකව ජීවත් වන අයට මෙම කොටසේ අත්තිවාරම්              දැමීමෙන් දියුණුව ගෙන දේ. සත්ත්ව පාලනය, සත්ත්ව ව්‍යාපාර ආදිය      කරන නිවාසවල දේව පාදයේ අත්තිවාරම් දැමීම සුදුසු නොවේ. 

4. බ්‍රහ්ම පාදය - සම්පුරණයෙන්ම නිවස බ්‍රහ්ම පාදය තුල ඉදි කළ හොත්        විනාශ  ඇති වේ. ඵල නොදෙයි. මනුෂ්‍ය වාසයට සුදුසු නොවේ.                වැසිකිලිය හෝ වෙනත් මුළුතැන් ගෙයක් මේ කොටස සඳහා අයත්          වන්නේ නම්  එය මග හරවා නිවාස ඉදි කළ යුතු ය. මෙම කොටස තුල      ළිං සැදුවොත් පාලු වේ. බ්‍රහ්ම පාදයේ සොහොන් කොතක්, භූමදාන          කටයුතු නොකළ යුතු ය. මෙය නිවසේ පූජනීය ස්ථානය ලෙස                  සැලකේ. නිවසේ ඵල විපාක ගෙන දෙන කොටසයි. 

                   මේ අයුරින් ඉඩමේ සතර දිසාව දැනගෙන ඉන් බටහිරත් දකුණත් අතර වූ කොටස නිවාස තැනීමට ඉතා සුදුසු කොටස වේ. දකුණත් නැගෙනහිරත් අතර කොටස සම ඵල ලෙස ද උතුරත් නැගෙනහිරත් අතර කොටස නිවස තැනීමටද සුදුසු නොවේ. 

                         ඉහතින් සඳහන් කළ ආකාරයට ඔබට ඔබගේ නිවසේ පිහිටීම් තීරණය කළ හැකි ය. මීළඟට අප ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ භූමියට ඇතුල් වන දොරටුව පිහිටිය යුතු ස්ථානය පිළිබඳව ය. 

13 comments: