Wednesday, January 17, 2018

නිවාස පොරොන්දම් පරීක්ෂාව තව දුරටත්

           මින් පෙර ලිපියේ ඔබ වෙත ගෙන ආවේ නිවාස වර්ගීකරණය එකොළොස් පොරොන්දම්වලින් පොරොන්දම් 04 කි. මෙම ලිපියෙන් පස් වන පොරොන්දම පිළිබඳ විස්තර වේ. 
       5. දින - ක්ෂේත්‍රඵලය 9 න් ගුණ කර 7 න් බෙදීමෙන් ලැබෙන                                ශේෂය 
                               1 නම් චන්ද්‍ර - ශුභයි 
                               2 නම් බුධ    - ශුභයි 
                               3 නම් සිකුරු - ශුභයි 
                               4 නම් රවී     - අශුභයි 
                               5 නම් කුජ    - අශුභයි 
                               6 නම් ගුරු    - ශුභයි 
                               0 නම් සෙනසුරු - අශුභයි   
                     135 x 9 = 1215
                     1215 ፥ 7 = 173.57 

  • ඉතිරි සංඛ්‍යාවා 5 වේ. 5 යනු කුජ වේ. කුජ අශුභය. ඒ අනුව මෙම පොරොන්දම නොගැළපේ. 
  • එසේම, 
                  බුධ සමග සිංහ යෝනිය සතුරු වේ. 
                  කුජ සමග ගජ යෝනිය සතුරු වේ. 
                  රවී සමග වෘෂභ යෝනිය සතුරු වේ. 
                  රවී සමග ද්වජ යෝනිය සතුරු වේ. 
(යෝනි පිළිබඳ පෙර ලිපියේ සඳහන් කර ඇත. ) 

  • මේවා එකට නොයෙදේ නම් එම ක්ෂේත්‍රඵලය වෙනස් වන සේ ගොඩනැගිලි සැළැස්ම පිළියෙළ කරන්න.   
  • පෙර ලිපියේ සඳහන් කළ පරිදි අප යොදාගත් ක්ෂේත්‍රඵලයේ යෝනිය මුධු වේ. එම නිසා එය මෙහිදී අදාළ නොවේ. 
              ඉතිරි පොරොන්දම් පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

2 comments: