Friday, January 12, 2018

ගෙබිම සැළැස්ම නිර්මාණය කිරීමේ පළමු පියවර ....


දිග අඩි 80 ක් හා පළල අඩි 50 ක් වන ඉඩමක නිවසක් ඉදි කිරීම නිදසුන් ලෙස ගනිමු. 

  1. ඉඩමේ උතුරු දිශාව මාලිමා යන්ත්‍රය මගින් සොයාගන්න. 
  2. ඉඩමේ පිටු පසේ වැට මායිමේ සිට අඩි 7 අඟල් 6 ක් අත් හරින්න.
  3. ඉඩමේ ඉදිරි පස පාරේ සිට අඩි 18 ක් අත් හරින්න.
  4. ඉඩමේ දෙපැත්තෙන් එක් පැත්තක අඩි 7 අඟල්  6ක් අත් හරින්න.
  5. ඒ සමග ප්‍රේත පාදය මඳක් හෝ සම්පුර්ණයෙන්ම අසු වී ඇත්නම් අත් හරින්න. 
  6. ඉඩමේ බ්‍රහ්ම පාදය තිබෙන ස්ථානය සලකුණු කරගන්න. 
  7. ඉතිරි වූ බිම් කොටස මැනගන්න. නිදසුනට අනුව එහි දිග අඩි 57 අඟල් 2 කි. පළල අඩි 24 අඟල් 6 කි. 
  8. ඒ කොටස තුල සැළැස්ම නිර්මාණය කළ යුතු ය. 
  9. ඒ අනුව නිර්මාණය කිරීමට සිදු වන්නේ දිග අඩි 38 අඟල් 9 ක හා පළල අඩි 23 අඟල් 3 ක වැනි ප්‍රමාණයේ නිවසකි. 
  10. පහත රූපයේ දැක්වෙන රතු පැහැති කොටුව තුල ඒ අනුව නිවස ඉදි කළ යුතු ය. 
Add caption

 

11 comments: