Monday, January 22, 2018

නිවසේ පොරොන්දම් ගැලපීමේ අවසන් පොරොන්දම් කවරේදැයි මෙම ලිපියෙන් විමසා බලමු. 
               10 - දේවතා - ක්ෂේත්‍රඵලය 5 න් ගුණ කර 3 න් බෙදීමෙන්                                             ලබන ශේෂය 
          1 නම් බ්‍රහ්ම  - ශුභයි 
          2 නම් විෂ්ණු - ශුභයි 
          3 නම් ශිව     - අශුභයි 
             135 x 5 = 675 
             675 ፥ 3 = 225 

  • ඉතිරි නැතිව බෙදෙන නිසා අප පිළිතුර ලෙස සළකන්නේ 3 සංඛ්‍යාවයි. 3 ශිව වේ. එය අශුභ වේ. 
                11 - ආයුෂ - ක්ෂේත්‍රඵලය 27 න් ගුණ කර 100 න් බෙදීමෙන්                                       ලබන ශේෂය 50 ට වැඩි නම් ශුභයි. 50 ට අඩු                                           නම් අශුභයි. 
             135 x 27 = 3645 
             3645 ፥ 100 = 36.45 

  • ඒ අනුව ඉතුරු සංඛ්‍යාවා 45 වේ. එය අශුභ ලෙස සැළකේ. 
  • සමස්ත නිවසේ අවසන් ප්‍රථිඵලය වන්නේ 
                   1 අය      - ශුභයි 
                   2 වැය     - මධ්‍යමයි 
                   3 යෝනි  - අශුභයි 
                   4 නැකත - ශුභයි 
                   5 දින      - අශුභයි 
                   6 අංශක  - අශුභයි 
                   7 රාශි     - ශුභයි 
                   8 තිථි      - ශුභයි 
                   9 වංශ     - ශුභයි 
                 10 දේවතා - අශුභයි 
                 11ආයුෂ     - අශුභයි.  

  • පොරොන්දම් 11 න් 6 ක් ශුභ වේ. නමුත් අවශ්‍යම පොරොන්දම වන ආයුෂ පොරොන්දම නොගැලපේ. 
  • එම නිසා මෙය සුදුසු නොවන බව කෙනෙකුට හැඟෙ. 
  • නමුත් එයට විසඳුමක් තිබේ. ඒ පිළිබඳ මීළඟ ලිපියෙන් ඔබට විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වේ. 


          

8 comments: