Monday, January 15, 2018

නිවසේ අය වැය බලමු...


  • ගොඩනැගිලි සැළැස්මක් ඉදි කිරීමේදී ඒකාදශ වර්ගීකරණය හෙවත් එකොළොස් පොරොන්දම් අනුව සැකසිය යුතු ය. එය නිවසේ ඵල දීමට හේතු වේ. 
                       1. අය  2. වැය  3. යෝනි  4. නැකත  5. දින  6. අංශක 
                       7. රාශි    8. තිථි    9. වංශ     10. දේවතා     11. ආයුෂ 


  • මින් ප්‍රධාන වන්නේ අය, වැය හා ආයුෂ යන පොරොන්දම් 03 වේ. මෙම පොරොන්දම් 03 ගැළපේ නම් නිවස ඉදි කිරීමට යෝග්‍ය වේ. 
  • නිවසේ දිග හා පළල වඩු රියන් ක්‍රමයට වැඩි කිරීමෙන් ලැබෙන ක්ෂේත්‍රඵල ගණිතමය වශයෙන් බෙදා දැක්වීමෙන් ලැබෙන ශේෂය අනුව පොරොන්දම් පරීක්ෂා කළ යුතු ය. 
වඩු රියන් ක්‍රමයට ක්ෂේත්‍රඵල ලබා ගන්නා ආකාරය 

  • ගොඩනැගිල්ලේ දිග වන 38' 9"   12 න් ගුණ කර ලැබෙන පිළිතුර 31 න් බෙදන්න. 
                        38' 9" x 12 = 466.8
                        466.8 ፥ 31 = 15.06 
        ලැබෙන පිළිතුර 15 වේ.  
  • ගොඩනැගිල්ලේ පළල වන 23' 3"  12 න් ගුණ කර ලැබෙන පිළිතුර 31 න් බෙදන්න. 
                       23' 3" x 12 = 279.6
                       279.6 ፥ 31 = 9.02 
         ලැබෙන පිළිතුර 9 වේ. 
  • 12 න් ගුණ කළේ 12 හි වටිනාකම අඩියක් වන නිසා ය. 
  • 31 න් බෙදන ලද්දේ වඩු රියනක අගය අඟල් 31 ක් වන නිසා ය. 
  • ගොඩනැගිල්ලේ ක්ෂේත්‍රඵලය ඉහත පිළිතුරු 02 ගුණ කිරීමෙන් ලබා ගත හැකි ය. 
                      15 x 9 = 135
  •  ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ  ක්ෂේත්‍රඵලය 135 වේ. 
                  මීළඟ මිණි ඔවදනින් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ 
පොරොන්දම් එකොළහේ  ශේෂය කෙබඳුද යන්න වේ. 

12 comments:

  1. Godak wadagath thorathuru tikak... Sthuthiy apiwa danuwath kalata me gana...

    ReplyDelete
  2. Godak wedagath thorathuru tikak

    ReplyDelete
  3. ගොඩක් වැදගත් ලිපි පෙලක්

    ReplyDelete
  4. ගොඩක් වැදගත් ලිපි පෙලක්

    ReplyDelete
  5. සියලු පොරොන්දම් වලෙන් ආයුෂ පොරොන්දම පමණක් අශුභ වේ නම් ඇති වන ගැටළු මොනවාද ?

    ReplyDelete